"චැලෙන්ජර්ස් -යෞවන බඹරු අපි" ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ නවතම චිත්‍රපටයයි. පුබුදු චතුරංග හා රොෂාන් රණවන ප්‍රධාන චරිත සඳහා දායකත්වය සපයන චැලෙන්ජර්ස් චිත්‍රපටය සිනමා ක්ෂේත්‍රයට නවක මුහුණක්ද හඳුන්වා දෙයි. ඒ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ප්‍රියසාද් මහතාගේ දියණියක ද වන ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද්ය. එමෙන්ම මෙම චිත්‍රපටය සඳහා සංගීතා වීරරත්න, වසන්ති චතුරානි, ලකී ඩයස්, සරත් චන්ද්‍රසිරි, මලින්ත විජේවර්ධන, හෙෂාන් මනුල, එරංග ජීවන්ත, ඔෂිනි ලියනගේ, සඳුන් ලක්සිත, දසුන් නිෂාන්, ලහිරු නුවන්, නයනා දීපංජනා, ටාන්යා ප්‍රනාන්දු, දිල්ෂාන් පෙරේරා හා නිරෝධා සිරිවර්ධන වැනි ප්‍රවීණ හා ආධුනික නළු නිළියන් රාශියක් මෙම චිත්‍රපටයෙහි චරිත නිරූපණය කරති.
චැලෙන්ජර්ස් චිත්‍රපටයේ කතාව හා අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරියගෙනි. සහය අධ්‍යක්ෂවරයා ලෙස ඩොනල්ඩ් ජයන්ත කටයුතු කර ඇත. නිෂ්පාදනය එම්. නජිමුදීන්ගෙනි. කලා අධ්‍යක්ෂණය සඳහා මංජුල අයගම ද, වේෂ නිරූපණය සඳහා ඉන්දික උදාරලංකා ද, සංස්කරණයෙන් ප්‍රවීන් ජයරත්න ද චැලෙන්ජර්ස් සඳහා දායකත්වය ලබා දී තිබේ. චිත්‍රපටයේ කතා පුවත දිගහැරෙන්නේ මෙසේය.
රනුක(පුබුදු චතුරංග) මහාචාර්යවරයෙකු වන ඇසළ රන්දුනුගේ පුත්‍රයාය. යොවුන් වියට පා තබන රනුක රූමත් යුවතියක වන ශරන්යා(ශේෂාද්‍රි ප්‍රියසාද්) සමග ආදරයෙන් බැඳෙයි. එහිදී රනුකට ඔහුගේම ඥාති සහෝදරයෙකු වන කිෂාන්(රොෂාන් රණවන) අභියෝගයක් වෙයි. එතැන් සිට චිත්‍රපටය තුන්කොන් ආදර කතාවක් බවට පත්වෙයි. එමෙන්ම තමන් ආදරය කරන තරුණියගේ හදවත දිනාගැනීමට වඩා සැබෑ ජීවිතයේ අභියෝග ජයග්‍රහණය කිරීම අසීරු බව රනුක අවබෝධ කරගනී.
උරේෂා රවිහාරි, නලින් පෙරේරා, සුරේන්ද්‍ර පෙරේරා, ලෙස්ලි තෝමස්, බාචි සුසන්, අභිෂේකා විමලවීර, චලිත වීරක්කොඩි හා නදී කහටපිටිය චිත්‍රපටයට පසුබිම් ගායනයෙන් එක්වෙයි.
Wow Waiting for the Movie..Thanks
ReplyDelete